Jayanthipura Rehabilitation Hospital's Song

The newly created song for Rehabilitation Hospital Jayanthipura. Words and melody were composed by Chathura Harindra Danapala who is a physiotherapist works at Jayanthipura Rehabilitation Hospital.

ජයන්තිපුර පුනරුත්තාපන රෝහල් ගීතය


පැරකුම් සමුදුර රළ රැළි අතරේ පෙර රජ දහනක ලකුණු පෙනේ 
පුලතිසි දරුවන්ගේ තෙද බල දෙස පැරකුම් පිළිමය බලා සිටියි 
පුලතිසිපුර අභිමානේ ජයන්තිපුර නම රැව්දේ

එක මවකගේ දරු කැළ සේ හිදිමින් නිති දියුණට ඇප කැප වන්නේ 
සිනහවකින් නිති මුව සරසාගෙන සැමටම සුව සෙත සලසන්නේ 
පුලතිසිපුර අභිමානේ ජයන්තිපුර නම රැව්දේ

සතර දෙසින් මෙහි පැමිණෙන සැමගේ නෙත පිරි කදුළැලි පිස දමමු 
ගතින් දුබල වී පැමිණි දනන් සැම ගතින් සිතින් සවිමත් කරමු 
පුලතිසිපුර අභිමානේ ජයන්තිපුර නම රැව්දේ

ගතින් දුබල මුත් සිතින් ප්‍රබල වූ ස්වාධීන පරපුරක් තනා 
දේශය ගොඩනැගුමට දායක වෙමු සවිමත් මතු පරපුරක් තනා 
පුලතිසිපුර අභිමානේ ජයන්තිපුර නම රැව්දේ


ගේය පද හා තනුව :

චතුර හරීන්ද්‍ර ධනපාල, 
භෞතචිකිත්සක නිලධාරී, 
පුනරුත්තාපන රෝහල, 
ජයන්තිපුර




Jayanthipura rehabilitation Hospital's Song
Jayanthipura rehabilitation Hospital's Song


Share:

Jayanthipura Rehabilitation Hospital's Song

The newly created song for Rehabilitation Hospital Jayanthipura. Words and melody were composed by Chathura Harindra Danapala who is a phys...

Categories of Articles

Recent Articles